Wednesday, February 26, 2014

වැල

වැල යන අතට මැස්ස ගසන්නේ නැතිනම්
වැල ට මැස්ස වටේ යනු මිස
වැල ට වැලේ වැල් නැති වෙයි.

Thursday, July 4, 2013

මා මිය ගිය පසු


මා මිය ගිය පසු මගේ මිනිය ජීවක පීඨයකට යවනු මැන වි
එහි සිටිනා වෙද පැටවුන්මා මස් කොට බලපුවා වේ
එතකොට වත් මේ කොහොන් සොතට මං නැති පාඩුව දැනේ වි

Wednesday, April 3, 2013

සිංහලයට නැගුනු අන්ඩර දෙමළ ය

මෙච්චරයි මට කියන්න ඕන, ඔය එක එකා මෙතන ඇවිත් කෑගැහුවට අපි බය වෙන්නේ නෑ. අපේ ගමන අපි යනවා. අයන්නේ ඉඳන් අපිට කියල දෙන්න හදන්නේ අපි ඉස්කොලේ ගියේ නෑ කියල හිතාගෙනද දන්නේ නෑ. අයන්න කියන්නෙ සිංහල අකාරාදියේ පළවෙනි අකුර. ඒක ස්වර අක්ෂරයක්. ඒ වගේම සිංහල අකුරු අතර තියෙන ඇ ඈ කියන අකුරු දෙක ඉතා විශේෂ වෙනව. ඒව වෙනත් ඉන්දීය අක්ෂර වල දකන්න ලැබෙන්නේ නෑ. නෑයා කියල ලියනකොට භාවිතා වෙන්නෙත් ඔය ඈ කියන ස්වරාක්ෂරය නේ. නෑය යි වේය යි විශ්වාස කරන්න එපා කියල කතාවක් තියෙනව අහල ඇති. වේයා තමයි තුඹස් හදන්නේ. නමුත් අපිට තුඹසක් කිව්ව ගමං මතක්වෙන්න නයාව. ඒ මොකද? අපි කාටවත් මුල මතක නෑ, පස්සේ එන ඒව ලොකු කරගන්නවා. ඕක තමයි සිංහළයගේ වැරැද්ද. මුල අමතක කරනව. මූලධර්මය වාදීන් කියල කියන්නෙ ඔය විදියට හොඳට මුල මතක තියෙන අයට. ඒ අය තමං පිලිගන්නා ධර්මය පරම සත්‍යක් කොට ගෙන අනෙක් අයට වින කටිනවා. කොඩි වින කරනවා. මේ... කොළඹ ඉඳන් මත්තලට කොච්චර දුර ද?

Thursday, July 5, 2012

රාහු ඇල්ලීම

හිරු සඳු පෙමින් වෙලී සිටින බව පෙනුනත්,
හිරු සඳු හමුවන දින ලොවම අදුරු වේ.

Monday, February 27, 2012

පූස් ආදරේ

හිතුන වෙලාවට
සෙනෙහෙ පාන
එක වෙලාවක
පැත්තවත් නොබලන
තවත් වෙලාවක ඇඟේ ඇතිල්ලෙන්න
මොනව වුනත් හවසට ගෙදරට එන
මගේ ආදර පූස් පැටියා..............................

Monday, December 19, 2011

හරකා ගොනා වූ ක[ල]

පියුම සොයා නිති ඇදෙනා බිඟු කැන් මෙන් මගෙ සිත
ඔබගෙ සුවඳ මිහිර සොයා දිවයයි සුර සුව සොය සොය
සිහින ලොවෙන් දුටුවත් සැමදා ඔබ මගෙ ලඟ
සඳගේ පහස සැබැවින් විඳිනෙම මම හෙට දින

Wednesday, November 30, 2011

හිත මිතුරු මල් කොහී

ආදරනීය කපුටා වෙත,

මම ඔබගේ කූඩුවේ බිත්තර දැමුවේ ඔබගේ ඉල්ලීම පිටය. මට කූඩුවක් සැදීමට ආසාවක් කොතෙක් තිබුනත් ඔබ වෙනුවනේ මම ඔබගේ කූඩුවේ බිත්තර දැමීමට තරම් අවංක විමි. එසේ තිබියදීත් මගේ පැටියා කාක් කාක් නොගෑ නිසා ඔහුට කොටා දැමීම මගේ දැඩි සිත්වේදනාවට හේතුවිය. මම කිසිදින කිසිවෙකුට වරදක් කර නැත. ඔබ එය පිලි නොගත්තද පරම සත්‍යයි එයයි.

මීට හිත මිතුරු මල් කොහී,
පිට රට සිට.