Wednesday, April 3, 2013

සිංහලයට නැගුනු අන්ඩර දෙමළ ය

මෙච්චරයි මට කියන්න ඕන, ඔය එක එකා මෙතන ඇවිත් කෑගැහුවට අපි බය වෙන්නේ නෑ. අපේ ගමන අපි යනවා. අයන්නේ ඉඳන් අපිට කියල දෙන්න හදන්නේ අපි ඉස්කොලේ ගියේ නෑ කියල හිතාගෙනද දන්නේ නෑ. අයන්න කියන්නෙ සිංහල අකාරාදියේ පළවෙනි අකුර. ඒක ස්වර අක්ෂරයක්. ඒ වගේම සිංහල අකුරු අතර තියෙන ඇ ඈ කියන අකුරු දෙක ඉතා විශේෂ වෙනව. ඒව වෙනත් ඉන්දීය අක්ෂර වල දකන්න ලැබෙන්නේ නෑ. නෑයා කියල ලියනකොට භාවිතා වෙන්නෙත් ඔය ඈ කියන ස්වරාක්ෂරය නේ. නෑය යි වේය යි විශ්වාස කරන්න එපා කියල කතාවක් තියෙනව අහල ඇති. වේයා තමයි තුඹස් හදන්නේ. නමුත් අපිට තුඹසක් කිව්ව ගමං මතක්වෙන්න නයාව. ඒ මොකද? අපි කාටවත් මුල මතක නෑ, පස්සේ එන ඒව ලොකු කරගන්නවා. ඕක තමයි සිංහළයගේ වැරැද්ද. මුල අමතක කරනව. මූලධර්මය වාදීන් කියල කියන්නෙ ඔය විදියට හොඳට මුල මතක තියෙන අයට. ඒ අය තමං පිලිගන්නා ධර්මය පරම සත්‍යක් කොට ගෙන අනෙක් අයට වින කටිනවා. කොඩි වින කරනවා. මේ... කොළඹ ඉඳන් මත්තලට කොච්චර දුර ද?

No comments:

Post a Comment