Thursday, December 23, 2010

අපූරුව

ආයාසයකින් අමතක කරන්නට
නොහැකි අතීතය
දමා පාතාලයට
හිනැහෙන අපූරුව

Wednesday, December 8, 2010

දමා දුවමි නොබලා ඉදිරියෙ නින්දා

නෙලූ පලා කිසිවක් මට නැති හන්දා
දුවන මුවන් වෙත මාගේ සිත බැන්දා

Tuesday, October 19, 2010

හොඳ වෙලාවට

ඉගෙන ගත්තත් බූගෝලයට මම
ලෝකය තැටියක් නොවන බව
දුවලා දුවලා ආව විට හිටපු තැනටම
දැනුනා ලෝකය ගෝලයක් බව
ප්‍රත්‍යක්ෂයටම

Thursday, September 9, 2010

අතීතයේ ලියවුනු ගීයක්

අතීතයේ දවසක මල්ලීගේ ගීතයක තනුවකට අනුව ලියවුනු ගීයක්. අඩු පාඩු කොතෙකුත් ඇතත් සංස්කරණයකින් තොරවම පලකරමි.

සෙමින් සෙමින් මගෙ හද අරණේ
නොපිපි කුසුම් මල් පෙති සැලූනේ
නොනිම් සිතුම් මගෙ සිත පැතුවේ
නුඹයි එයා මා සිත ගත්තේ

අවුලවන්න මා හදගින්නේ
සිහිනලොවෙන්
සෙමින් සෙමින් මා කැඳවන්නේ

සිහිනලොවට මා කැඳවන්නේ
අවුලවන්න මා හදගින්නේ
සිහිනලොවට කැඳවයි රහසේ

නොකී කතා මා පෙර දවසේ
දවයි මගේ හද අද දවසේ
සිතේ තිබු සෙනෙහසෙ අරුමේ
නගේ නුඹේ හද නෑ දුටුවේ

ගෙවුනු අතීතය නෑ මතකේ
ඔබේ දෙනෙත් අග මම දුටුවේ

Monday, August 23, 2010

මාව ඇබින්දක් මතක් වුනාද?

දැළඹුවකුව සිටි සමයේ සමනළියක වන්නට වාරු දුන් මා මතකද
කෝෂයේ සිට එළියට එන තෙක් ඔබව ආරක්ෂා කළ මා මතකද
පියාපත් ලද දිනයේ පළමු සතුටු කඳුළ හෙළු මා මතකද
සරන අහසට පනින්නට පෙර සිටම මා ආලය කළ බව අමතකද

Monday, August 16, 2010

නික්ම යාමට කාලයයි..

ඔබව රැගෙන යන්න මා කොතෙකුත් උත්සාහ කරාද
එයින් ඵලක් නැත, දැන් මා යා යුතුය!
නමුත් මං නැති දා,
ඔයා ගැන සොයන්නේ කවුරුන්ද?
ඔයාගේ දුක දරාගන්නේ කවුරුන්ද?

Friday, August 13, 2010

ග්‍රින් එක

චැට් එකේ අගට ග්‍රින් එකක් දැම්මාට.. දන්නවා විහිළුවක් නොවන බව තෝ කී අලුගුත්තේරු කතාව!

Friday, August 6, 2010

මල් කන්නද?

ඉපිද ඇති මුත්
සොඳුරු උයනක
ඇති නමුත් එහි සුවඳ මල් නෙක
නෑ පලක් මට ඉන් වුනේ,

තිත්ත නැති මුත් නරියගේ මිදි වැල
නෙලූ පසු පරව යන බව දැන දැන
මල් නෙලන්නට නෑ හිතක් මට

හිනාව

පුංචි දේටත් මහ හඬින් හිනාවෙන
ඇස්දෙකට බොහෝ යට
හඬන්නට ඕන බව
සිත කියයි නිහඬවම

Saturday, July 31, 2010

මගේ නෙමෙයි

හාමුගෙ වත්තේ පිපුණු සුවඳ මල
කියයි හාමුගේ වරිගේ උස්බව
හැදුවෙ අප්පුයි වත්තේ වැඩ කරන
නෑ නෙලන්නට අවසරක් තොට

Wednesday, July 21, 2010

ගල්ගැහුණු හිත

හිතක් වන්නට වරම් නැති හිතකට
ගලක්වන්නට කියන අරුමය,
තවත් මේ විදියට හිතට ගල් ගසා
ගන්නේ කොහොමද?