Monday, December 19, 2011

හරකා ගොනා වූ ක[ල]

පියුම සොයා නිති ඇදෙනා බිඟු කැන් මෙන් මගෙ සිත
ඔබගෙ සුවඳ මිහිර සොයා දිවයයි සුර සුව සොය සොය
සිහින ලොවෙන් දුටුවත් සැමදා ඔබ මගෙ ලඟ
සඳගේ පහස සැබැවින් විඳිනෙම මම හෙට දින

Wednesday, November 30, 2011

හිත මිතුරු මල් කොහී

ආදරනීය කපුටා වෙත,

මම ඔබගේ කූඩුවේ බිත්තර දැමුවේ ඔබගේ ඉල්ලීම පිටය. මට කූඩුවක් සැදීමට ආසාවක් කොතෙක් තිබුනත් ඔබ වෙනුවනේ මම ඔබගේ කූඩුවේ බිත්තර දැමීමට තරම් අවංක විමි. එසේ තිබියදීත් මගේ පැටියා කාක් කාක් නොගෑ නිසා ඔහුට කොටා දැමීම මගේ දැඩි සිත්වේදනාවට හේතුවිය. මම කිසිදින කිසිවෙකුට වරදක් කර නැත. ඔබ එය පිලි නොගත්තද පරම සත්‍යයි එයයි.

මීට හිත මිතුරු මල් කොහී,
පිට රට සිට.

Thursday, October 20, 2011

කුකුළා

සවසට එනවා මා හා යන්නට MC
සියොළඟ විසේ ඇති ගැට්ටිස්සී
කෑවත් මම නොකන කුකුළා KFC
සත්තයි මම නම් බඳිනව ඒ පිස්සී

Thursday, March 24, 2011

ඉල්ලීම

සොඳුරු හදවත,
නිහඬ හද හඬයි ඔබ ගැන
ඉල්ලා ඔබෙන් වර
මටම පමණක් පෙම් කරන ලෙස

Monday, January 24, 2011

දැන් ඉතින් මැරීමට කාලය යි

ආදරයෙන් කීවෙමි,
තදින් කීවෙමි,
තරවටු කොට කීවෙමි,
දැන් ඉතින් මැරීමට කාලය යි.

Saturday, January 1, 2011

කනප්පුව

ඔහු ඇයත් සමග රඟන, වේදිකාවේ නිර්මාපකයා මම ය -
තිරය පිටුපස සැඟව නරඹා රැඟුම අවසන්නට මත්තෙන් -
පලා යමි මම වේදිකාවට නොව මතකයට ගිනිතබා.. -